― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsබොරු කියා අස්වැසුම ගත්තොත් දැඩි දඬුවම්

බොරු කියා අස්වැසුම ගත්තොත් දැඩි දඬුවම්

අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අසත්‍ය තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ අසත්‍ය තොරතුරු ලබාදෙමින් වංචනික ආකාරයෙන් අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්නා අය හඳුනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවා ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එමෙන්ම සාවද්‍ය තොරතුරු ලබාදී සාවද්‍ය සුබසාධන මුදල් ලබා ගත් බවට තහවුරු වුවහොත් එම පාර්ශවයට ගෙවීම අත්හිටුවන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරනවා.

එබැවින් අස්වැසුම ගෙවීමට අදාළ නිවැරදි තොරතුරු පමණක් ඇතුළත් කරන ලෙසයි එම මණ්ඩලය ජනතාවට උපදෙස් දී ඇත්තේ.