― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඉන්දියාවෙන් හොරෙන් ගෙනා බීඩි කොළ තොගයක් අල්ලයි

ඉන්දියාවෙන් හොරෙන් ගෙනා බීඩි කොළ තොගයක් අල්ලයි

නීතිවිරෝධී ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලද බීඩි කොළ තොගයක් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටිය, මුහත්තුවාරම ප්‍රදේශයේ ලඳු කැලෑවල බීඩි කොළ සඟවා ඇති බවට පුත්තලම යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පුත්තලම කොට්ඨාස පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඊයේ (30) එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම බීඩි කොළ තොගය සොයාගෙන තිබෙනවා.

එහිදී උර 39ක බහා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1230ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

අත්අඩංගුවට ගත් බීඩි කොළවල වටිනාකම රුපියල් ලක්ෂ 60කට අධික බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය පුත්තලම පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සැක පළ කරන්නේ මෙම බීඩි කොළ තොගය ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවයි.