ඉන්ධන මිල පහළ දැමුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ තමන් මාස දෙකක් පුරා රුපියල් 27ක පාඩුවක් දරමින් බස් රථ ධාවනය කළ බවත් බස් ගාස්තු පහළ දැමීම පිළිබඳව සලකා බැලිය හැක්කේ ජූලි මාසයේදී බවත්ය.
ආණ්ඩුව හා ප්‍රවාහන අමාත්‍යවරයා යන මාර්ගය වැරදි එකක් බව පැවසූ සභාපතිවරයා එහිදී අවධාරණය කළේ ජනාධිපතිවරයා ඒ පිළිබඳව සොයා නොබලා බරපතල වැරැද්දක් කරන බවයි.