32 C
Colombo
Saturday, March 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරණසිංහ ප්‍රේමදාසගේ පිළිරුවට පුෂ්පෝපාහාර

රණසිංහ ප්‍රේමදාසගේ පිළිරුවට පුෂ්පෝපාහාර

දිවංගත රණසිංහ ප්‍රේමදාසගේ ගුණාත්මක සහ ප්‍රතිඵලදායක ප්‍රතිපත්ති තුළ පදනම් වුණු සෞභාග්‍යවත් රටක් නිර්මාණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ – අලුත්කඩේ ප්‍රදේශයේ පැවති රණසිංහ ප්‍රේමදාස 31 වන ගුණ සමරුවට එක්වෙමින්.

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාසගේ 31 වන ගුණසමරු උත්සවය කොළඹ – අලුත්කඩේ පිහිටි ඔහුගේ පිළිරුව අසලදී අද පෙරවරුවේ සිදු කෙරුණා.

1993 වසරේ මැයි 01 වැනිදා කම්කරු දින සැමරුමක් අතරතුර එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වුණා.

අද පැවති රණසිංහ ප්‍රේමදාසගේ ‍ගුණසමරු උත්සවයට මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පවුලේ සාමාජිකයින් එක්ව සිටියා.

ගුණ සමරු උත්සවයේදී රණසිංහ ප්‍රේමදාසගේ පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීමද සිදු කෙරුණා.