22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය ඇමති ශෙහාන් හෙට ජෝර්ජියාවට

රාජ්‍ය ඇමති ශෙහාන් හෙට ජෝර්ජියාවට

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හෙට (02) ජෝර්ජියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගිවීම සඳහායි රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස ජෝර්ජියාව බලා යන්නේ.

මෙම සමුළුව හෙට (02) සිට ලබන 05 වැනිදා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවරදී පැවැත්වෙනු ඇති.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ මෙවර සමුළුව සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරිත්වය ඇති කර ගැනීමේ සංසදයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.