23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසටන් විරාම නොතකා රෆා ආක්‍රමණය කරනවා

සටන් විරාම නොතකා රෆා ආක්‍රමණය කරනවා

හමාස් සංවිධානය සමග සටන් විරාම සාකච්ඡා නොතකා රෆා ආක්‍රමණය දියත් කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහතික වී තිබෙනවා.

හමාස් සංවිධානය රඳවාගෙන සිටින ඊශ්‍රායලය ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් සමග පැවති හමුවකදී නෙතන්යාහු සඳහන් කර තිබුණේ ගිවිසුමක් ඇතිව හෝ නැතිව තමා රෆා ආක්‍රමණය කරන බවයි.

නෙතන්යාහු මෙම ප්‍රකාශය සිදුකරන්නේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා එකඟතාවකට පැමිණීමේ ජාත්‍යන්තර උත්සාහයන් මධ්‍යයේ වීම කැපී පෙනෙන කරුණක්.

ඊශ්‍රායල් ප්‍රහාර ඇරඹුණු දා සිට ප්‍රහාරවලින් බේරීමට පලා ගිය පලස්තීනුවන්ගේ අවසාන නවාතැන වූ රෆාහි අවතැන්ව සිටින වැසියන් ආහාර, ජලය සහ ඖෂධ හිඟයෙන් පීඩිතව සිටිනවා.

කෙසේ නමුත් ඊශ්‍රායල් හමුදාව ප්‍රකාශ කරන්නේ හමාස් සටන්කාමීන් රෆා හි සැඟව සිටින බැවින් ඔවුන් විනාශ කිරීම තම ඉලක්කය බවයි
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඊයේ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ, රෆා ආක්‍රමණය වැලැක්වීමට කළ හැකි සෑම දෙයක්ම කරන ලෙසයි.

එවැනි ආක්‍රමණයක් සිදුවුව හොත් එය පලස්තීන ඉතිහාසයේ විශාලතම ව්‍යසනය වනු ඇති බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසනවා.