28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඕස්ට්‍රේලියානු T20 සංචිතයත් නම් කෙරේ

ඕස්ට්‍රේලියානු T20 සංචිතයත් නම් කෙරේ

2024 T20 තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ලබන ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වන අතර මිචෙල් මාෂ් කණ්ඩායමේ නායකත්වය දරනු ලබනවා.

ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ ඕස්ට්‍රේලියානු සංචිතයේ නායකත්වයට පත්කර ඇති මිචෙල් මාෂ් පසුගිය කාලයේ දී ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස අන්තර්වාර නායකයා ලෙස කටයුතු කළා.

මේ අතර මේ දිනවල පැත්වෙන IPL තරගාවලිය තුළ කතාබහට ලක්ව ඇති ක්‍රීඩකයෙක් හා ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක් වන ජේක් ෆ්රේසර්-මැක්ගුර්ක් හට මෙම සංචිතයේ අවස්ථාව හිමිව නැහැ. එමෙන්ම සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත්ට ද ලෝක කුසලාන සංචිතයේ අවස්ථාවක් හිමි නොවීම විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියානු සංචිතය පහතින්,

මිචෙල් මාෂ් (නායක), ඇෂ්ටන් ඒගර්, පැට් කමින්ස්, ටිම් ඩේවිඩ්, නේතන් එලිස්, කැමරන් ග්‍රීන්, ජෝෂ් හෙසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, ග්ලෙන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා.