― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅච්චුවේලි නිවාස දෙකකට ප්‍රහාරයක්

අච්චුවේලි නිවාස දෙකකට ප්‍රහාරයක්

යාපනය – අච්චුවේලි ප්‍රදේශයේ නිවාස දෙකකට ප්‍රචණ්ඩ කල්ලියක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් සහෝදරයන් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අච්චුවේලි – සංගානෙයි පාරේ දකුණු කෙළවරේ පිහිටි නිවාස දෙකකට ඊයේ (02) මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

එම නිවාස දෙකට පෙට්‍රල් බෝම්බ සහ ගල් ප්‍රහාර එල්ල කළ බවට පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ලැබී තිබෙනවා.

පහරදීමට හේතුව අනාවරණ වී ඇති අතර අච්චුවේලි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.