31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැමියා ඝාතනය කළ බිරිඳ වස පානය කර මියගිහින්

සැමියා ඝාතනය කළ බිරිඳ වස පානය කර මියගිහින්

වවුනියාව, නෙඩුන්කේනි, කීරිසුඩ්ඩාන් ප්‍රදේශයේ නිවසක තිබී ඊයේ (02) පස්වරුවේ කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

නෙඩුන්කේනි පොලිසිය පැවසුවේ මෙල්ස මියගොස් ඇත්තේ තිදරු පියෙකු වු 47 හැවිරිදි වේදනායගම් ලෝගනාදන් නමැති පුද්ගලයෙක්
බවයි.

මියගිය පුද්ගලයාගේ සිරුරේ කැපුම් තුවාල කිහිපයක් දැක ගැනීමට හැකි අතර මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමු කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ බිරිඳ වන 37 හැවිරිදි ලෝගනාදන් පරමේශ්වරී නම් කාන්තාවද කිසියම් විෂ සහිත පානයක් පානය කොට අසළ නිවසක වැටී සිටියදී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

අනතුරුව අදාළ කාන්තාව වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පැවසූවේ පැවසුවේ අදාළ ස්වාමිපුරුෂයා හා බිරිඳ කලක් වෙන්ව ජිවත්ව ඇති අතර කිසියම් ගැටළුවක් මත බිරිඳ විසින් ස්වාමිපුරුෂයා කපා ඝාතනය කොට, අදාළ කාන්තාවත් වස පානය කොට මියගොස් ඇති බවට ආරංචියක් පවතින බවයි.

මියගිය කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් නෙඩුන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.