28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජයටම කරගෙන ගිය ගංජා හේනක් වටලයි

ජයටම කරගෙන ගිය ගංජා හේනක් වටලයි

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු ගංජා වගාවක් වැල්ලවායේදී පොලිසිය විසින් වටලා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් කරදගොල්ල, අඹතැන්න ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙලෙස මහා පරිමාණයෙන් සිදු කරගෙන ගිය ගංජා හේනක් වටලා ඇති බවයි.

එහිදීඉ ගංජා ගස් විසි අටදහස් හාරසිය හැත්තෑ පහක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් කෝටියකට අධික බවටයි ගණන් බලා ඇත්තේ.

වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් පලාගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.