27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රිරෝද රථයක් හදිසියේම ගිනි ගනී

ත්‍රිරෝද රථයක් හදිසියේම ගිනි ගනී

නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිටදී ත්‍රිරෝද රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වී තිබෙනවා.

අද (03) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නෝටන්බ්‍රිජ් සිට නුවරඑළිය බලා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මෙලෙස ගිනිගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථයේ රියදුරු වාහනය පාර අයිනේ තබා ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අසළ පිහිටි වෙළෙඳසැලකට ගිය අවස්ථාවේදී හදිසියේම ත්‍රිරෝද රථයේ ගින්නක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ද හටගෙන තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් සහ වෙළෙඳුන් එක්ව ගින්න පැතිර යාම වැළැක්වීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ වී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් ජීවිත හානියක් සිදුවී නොමැති අතර ත්‍රිරෝද රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.