27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදමිතාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

දමිතාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

තමන් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් තම මානව හිමිකම් කඩවී ඇති බවට රංගන ශිල්පිනී දමිතා අබේරත්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

කෙසේ වෙතත් තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමන් සමගි ජන බලවේගයෙන් දේශපානයට පිවිසීම හේතුවෙන් තමන්ට මෙය සිදුවූ බවයි.

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා පසුගිය අප්‍රේල් 24 වැනිදා ඇප මත මුදා හැරුණා.