26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙම්වතියගේ නිවසට ගිය තරුණයා නොඑන ගමන් යයි

පෙම්වතියගේ නිවසට ගිය තරුණයා නොඑන ගමන් යයි

චුන්නාකම් පොලිස් වසමට අයත් පුන්නලෙයිකට්ටුවාන් උතුර, කප්පපුලම් ප්‍රදේශයේ නිවසක තරුණයෙකු ගෙල වැළලාගෙන මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (02) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි ශ්‍රීවරදන් සංජිදන් නමැති තරුණයෙක්. එම තරුණයා තම පෙම්වතියගේ නිවසට ගොස් එහි නිදාගෙන සිට ඇති අතර පසුව දහවල් 12.30 ට පමණ ගෙල වැළලාගෙන මියගොස් සිටි බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

කෙසේනමුත් තරුණයාගේ ඥාතීන් පැවසුවේ මෙම මරණය සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බවයි.

ඒ අනුව දේහය තෙලිප්පලෙයි රෝහලටත් ඉන්පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලටත් රැගෙන ගොස් තිබෙනවා.