― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅයිස් සමඟ අයෙක් පොලිස් දැලේ

අයිස් සමඟ අයෙක් පොලිස් දැලේ

හිටපු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර ඝාතනය සඳහා ඔත්තු බැලූ ඔත්තුකරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට අදාලව ඊයේ (03) අම්බලන්ගොඩ පොලිස් වසමේ දිඹුල්දුව, වෙනමුල්ල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 යි මිලි ග්‍රෑම් 50 ක් සන්තකයේ තබාගෙන සිටි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ‘පොඩි සුදූ’ නම් අනවර්ථ නාමයකින් හදුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලීසිය පැවසුවේ.

එමෙන්ම මොහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම සැකකරු 2023.10.09 වන දින රත්ගම පොලිස් වසමේ රත්ගම කරාව ප්‍රදේශයේ දී හිටපු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර යන අය ඝාතනය කිරීම සඳහා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට රත්ගම දක්වා පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර නිලධාරියා ගමන් කරන ලද යතුරු පැදිය පිටුපසින් යතුරු පැදියකින් ගමන් කරමින් දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘සමන් කොල්ලා’ යන අයට ජංගම දුරකථනයෙන් මාර්ග පිළිබදව දැනුම් දී ඇති බවත් ඒ අනුව මෙම සැකකරු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර නිලධාරියා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බවටත් අණාවරණය වී තිබෙනවා.