― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsලෝක කුසලාන තරගාවලියට ත්‍රස්ත තර්ජනයක්

ලෝක කුසලාන තරගාවලියට ත්‍රස්ත තර්ජනයක්

එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය තරගාවලියේදී කැරිබියන් දූපත්වලට ත්‍රස්ත තර්ජනයක් ඇති විය හැකි බව අනතුරු අඟවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අයි.එස් කණ්ඩායමක් හරහා ලෝක කුසලානයට තර්ජනයක් විය හැකි බවට තොරතුරු ලැබී ඇති බවයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ තරග බරහිර ඉන්දීය දූපත් හි ඇන්ටිගුවා, බාබුඩා, බාබඩෝස්, ගයානා, ශාන්ත ලුසියා, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස්, ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ යන නගරවල පැවැත්වෙනවා.

ඊට අමතරව එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා, නිව් යෝර්ක් සහ ටෙක්සාස් යන නගරවල ද තරඟ පැවැත්වෙන නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන තරගවලට මෙම ත්‍රස්ත තර්ජනය නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජොනී ග්රේව්ස් පවසන්නේ හඳුනාගත් ඕනෑම අවදානමක් විසඳීම සඳහා ‘පුළුල් සහ ශක්තිමත් ආරක්ෂක සැලැස්මක්’ ක්‍රියාත්මක බවට සැමට සහතික විය හැකි බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජොනී ග්රේව්ස් පැවසුවේ,

අයි.සී.සී. පිරිමි T20 ලෝක කුසලානයේදී සෑම දෙනාගේම ආරක්ෂාව සහ ආරක්ෂාව අපගේ අංක එකේ ප්‍රමුඛතාවය බව සියලු පාර්ශවකරුවන්ට සහතික කිරීමට අපට අවශ්‍ය වන අතර පුළුල් සහ ශක්තිමත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

මේ අතර ක්‍රිකට් ලෝක කුසලානයට ඇති විය හැකි තර්ජන පිළිබඳව බලධාරීන් සොයා බලමින් සිටින බව කැරිබියන් මාධ්‍ය වාර්තා කරනවා.

විස්සයි විස්ස ලෝක කුසලානය එළඹෙන ජුනි මස 01 වැනිදා සිට 29 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාවේදී පැවැත්වීමට නියමිතයි.