― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවීසා ප්‍රශ්නය ඇද්ද තරුණයා පොලීසියට කැඳවයි

වීසා ප්‍රශ්නය ඇද්ද තරුණයා පොලීසියට කැඳවයි

කටුනායක ගුවන්තොටුපොළ තුළ වීසා නිකුත් කිරීම සහ ඒ සඳහා මුදල් අය කර ගැනීම ඉන්දීය ග්ලෝබල් VFS සමාගමට පැවරීමට එරෙහිව අදහස් ප්‍රකාශ කළ තරුණයා නද (06) උදෑසන ගුවන්තොටුපොළ පොලිසිය වෙත කැඳවා තිබුණා.

ඔහු නීතීඥවරුන් පිරිසක් ද සමඟ අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වෙත පැමිණියා.

එහිදී අදහස් දැක්වූ සඳරු කුමාරසිංහ,

“එදා මැයි 01 වැනිදා. මම එදා තායිලන්තයේ සිටයි කටුනායක ගුවන්තොටුපොළ වෙත ආවේ. තායිලන්තය බෞද්ධ රටක්. ඒ රටේ ඉඳලා මේවා දකිනකොට කණගාටුවක් ඇති වුණා. කටුනායක ගුවන්තොටුපොළ වීසා අර්බුදය පිළිබඳ අදහස් දැක්වීම නිසා රටේ ජනමාධ්‍ය, බුද්ධිමත් ජනතාව මේ පිළිබඳ අවධානය යොමු කළා. ඒ කතා කිරීම නිසා මෙම විදේශීය සමාගම පිළිබඳ බොහෝ භෞතික කරුණු අනාවරණය වී තිබෙනවා.

අපේ රටේ විශාල පිරිසක් ඉන්නවා රැකී රක්ෂා නොමැතිව. ඒ අයගෙන් ප්‍රයෝජන නොගෙන වීසා නිකුත් කිරීම වැනි සංකීර්ණ ක්‍රියාදාමයක් විදේශ සමාගමකට විකුණලා, රුපියල් කෝටි ගණනක් විදේශීය රටවල් වෙත ඇදී යාමට සලස්වලා තියෙනවා. මට අද කටුනායක ගුවන්තොටුපොළ පොලිසියට එන්න කියලා දැනුවත් කරලා තියෙනවා. හරි නම් මම නෙමෙයි මෙතැනට එන්න ඕන. මේවා මේ විදිහට විකුණන්න මැදිහත් වූ පුද්ගලයන්.

මම විශ්වාස කරනවා මේ රටේ තරුණ තරුණියන් මං එක්ක ඉඳියි කියලා. මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ. ඒ වගේම ජාත්‍යන්තර බලවේග විසින් මෙහෙයවන පුද්ගලයෙකුත් නෙමෙයි මම. සංචාරක ව්‍යාපාරය අධෛර්යමත් කරන්න කරපු උත්සාහයකුත් නොවෙයි මේක.

මමත් ඔබ වගේ මෙතෙක් මේ රටේ බලයට පත් වූ සියලුම දේශපාලන පක්ෂවලට ඡන්දය දීපු, දැන් කළකිරීමට පත් වී සිටින පුද්ගලයෙක්. මම පශ්චාත් උපාධියක් සහිත නීතීඥවරයෙක්. සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යාපාරිකයෙක්. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් භාෂණයේ නිදහස, ජාතික සම්පත් විකිණීමට එරෙහිව හඬක් නැගීම තමයි මම එදා සිදු කළේ.

මම සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා, මං වෙනුවෙන්, මගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න. මං වගේ තරුණ, තරුණියන් වෙනුවෙන්, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින්න කියලා.”