― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsශ්‍රී ලංකා කාන්තා පිළ ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා කාන්තා පිළ ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

එළැඹෙන ඔක්තෝම්බර් මාසයේ බංග්ලාදේශයේදී ඇරඹෙන කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (05) සමත් වුණා.

ලෝක කුසලානයට සුදුකම් ලබාගැනීමේ තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජය කරමින් ලබාගත් ජයග්‍රහණයත් සමඟයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙම අවස්ථාව හිමි වූඋයේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගය් ජයගත්තේ ලකුණු 15කින්. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 149ක් රැස් කළා.

ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි.

මේ අතර මෙවර කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ඊයේ (05) දිනයේ ප්‍රකාශයට පත්කරනු ලැබුවා. එළැඹෙන ඔක්තෝම්බර් 03 වැනිදා ආරම්භ වන තරගාවලිය දින 19ක් පුරා බංග්ලාදේශයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනව.