මීරිගම – කඩවත අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ව්‍යාපෘති අධ්යක්ෂවරයාට උපදෙස් ලබාදී ඇති බවයි.
ඉදිකෙරෙමින් පවතින මීරිගම – කඩවත අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල, කදඔළුවාව ප්‍රදේශය ආශ්රිත ඉදිකිරීම් කොටසක් ඊයේ (05) කඩා වැටුණා.