28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමරිකානු තානාපතිනිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුවෙයි

ඇමරිකානු තානාපතිනිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන මූලික සංචිතයේ ක්‍රීඩකයින් හමු වී තිබෙනවා.

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම විශේෂ හමුව පිළිබඳව ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් සිය නිල X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතා එක්සත් ජනපදය පුරා සිටින ක්‍රිකට් ලෝලීන් විස්මයට පත් කරනු නිසැක බවයි.

එමෙන්ම ජුනි මාසයේදී පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් ජනපදයට යෑම ක්‍රීඩා රාජ්‍ය තාන්ත්‍රිකත්වය සඳහා අපූරු අවස්ථාවක් වනු ඇති බවයි ඇය පවසන්නේ.