32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඊශ්‍රායලයේ අල් ජසීරා කාර්යාලය වසා දමයි

ඊශ්‍රායලයේ අල් ජසීරා කාර්යාලය වසා දමයි

ලෝක ප්‍රකට ‘අල් ජසීරා’ රූපවාහිනී නාලිකාවේ ඊශ්‍රායල මෙහෙයුම් කාර්යාලය වසා දැමීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ හමාස් යුද ගැටුම් අතරතුර ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන විදේශීය රූපවාහිනි සහ ගුවන් විදුලි ආයතන තාවකාලික වසා දැමීමට පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීමෙන් පසුවයි.

ඊශ්‍රායලය අපකීර්තියට පත්වන ආකාරයේ මෙහෙයුම් සිදුකරන ‘අල් ජසීරා’ නාලිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු X සටහනක් තබමින් නිවේදනය කළා.

කෙසේ වෙතත් ‘අල් ජසීරා’ නාලිකාව වසා දැමීම ස්ථීරව හෝ තාවකාලිකව සිදුවන්නේද හෝ එය ක්‍රියාත්මක වන දින කවදාද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

ඊශ්‍රායලයේ අල් ජසීරා රුපවාහිනී නාලිකාව වසා දැමීම මානව හිමිකම් සංගම් සහ පුවත්පත් අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන ගණනාවකගේ විවේචනයට ලක්ව තිබෙනවා.

මෙම තහනම අවලංගු කිරීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව ඊශ්‍රායලයේ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ සංගමය ප්‍රකාශ කරනවා.

විදේශ පුවත්පත් සංගමය විසින් ඊශ්‍රායල රජයෙන් සිය තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටි අතර රට තුළ අල් ජසීරා වසා දැමීම ‘නිදහස් මාධ්‍යකරණයේ සියලු මාධ්‍යකරුවන් සඳහා කනස්සල්ලට හේතුවක්’ වනු ඇති බව පවසා තිබෙනවා.