හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් වංචාවට අදාළවයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ.
ඊට අදාළ නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී මැයි මස 20 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසයි මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.