24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ

කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ

යාපනය උතුර, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 යි ග්‍රෑම් 500ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාව විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් මත අද (06) අලුයම සිදුකළ හදිසි වැටලීමකදී ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය් වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය උතුර, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 36 සහ 35 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 යි ග්‍රෑම් 500ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ අත්අඩංගුවට ගත් කේරළ ගංජා මරුතංගේනි පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් හා මරුතංගේනි පොලිසිය එක්ව වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.