28.4 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුලතිව් යන්න ගිය මිනිපෙට්ටි බණ්ඩාරගමින් නවතී

මුලතිව් යන්න ගිය මිනිපෙට්ටි බණ්ඩාරගමින් නවතී

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී පොලිස් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.

බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී පානදුර දෙස සිට අන්තරාදායක ලෙස පැමිණි ලොරි රථය නවතා පරික්ෂා කර ඇති අතර එහිදී අනතුරුදායක ලෙස මිනි පෙටිටි 50 ක් එක පිට එක පටවා ඇති අයුරුයි පොලිසියට දැකගත හැකිව ඇත්තේ.

බණ්ඩාරගම නගරය ආවරණය වන පරිදි යොදා තිබෙන සංඥා පුවරු වලද ගෑවෙන නොගෑවෙන මට්ටමට මෙම මිනිපෙට්ටි පටවා තිබූ බවයි පොලිසිය පවසන්නේ.

එම රථයේ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පානදුර, අළුබුමුල්ලේ සිට මුලතිව් දක්වා මෙම මිනිපෙට්ටි තොගය ප්‍රවාහනය කරන බවයි පවසා ඇත්තේ.

ලොරි රථය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අන්තරාදායක ලෙස මිනිපෙට්ටි තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.