― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරජයේ බොරු පොරොන්දු නිසා ආබාධිත රණවිරුවන් අනාථ වෙලා

රජයේ බොරු පොරොන්දු නිසා ආබාධිත රණවිරුවන් අනාථ වෙලා

අප රටේ නිදහස, ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය, ස්වෛරීත්වය තහවුරු කළේ රණවිරුවන් බවත් එම රණවිරුවන් අතරින් ආබාධයන්ට ලක් වූ රණවිරුවන් 25000කට ආසන්න ප්‍රමාණයක් රජයේ බොරු පොරොන්දු නිසා අනාථ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 176 වැනි අදියර යටතේ ඊයේ මිහින්තලේ, තිරප්පනේ, බමුණුගම මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එසේම රටක් ලෙස ගොඩ ඒමට නම් නිවැරදිව වැඩක් කරන්න ඉගෙන ගත යුතු බවත් රට බංකොලොත් වීමට හේතුවක් නම් මෙරට ක්‍රියාත්මක හොරකම දූෂණය වංචාව බවත් මෙම හොරකම දූෂණය වංචාව දුරලන්න ඉටු කළ යුතු කාර්යභාරය ඉටු කළ යුතු බවත් හොරකම් දුෂණ වංචා නැති කර ආයතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රටේ උත්තරීතර නීතියෙන් ස්ථාපිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

තමා බලයට පැමිණි පසු රට වෙනුවෙන් හරියට වැඩ කරන අයට උසස් වීම් ලබා දෙනවා සේම හරියට වැඩ කළ නොහැකි අයව තනතුරෙන් පහළට දමන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. රට හදනවා කියන දේශපාලනඥයෝ සිංහල පමණයි දමිළ පමණයි කියන බවත් මේ දේවල් කියන්නේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට බවත් තවත් පුද්ගලයන් ආගම, ජාතිය, කුලය, ගෝත්‍රය, පන්තිය, තරාතිරම පදනම්ව මැතිවරණ ව්‍යාපාරවල නිරතවන බවත් මේ සියල්ල ජනතාව වෙනුවෙන් නොව තමන්ගේ සහ නායකයන්ගේ තැන රැක ගැනීමට බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

මේ හැමදේම කරන්නේ පාසල් 10126 ඉගෙනුම ලබන 41 ලක්ෂයක් පාසල් දූ දරුවන් ගැන නොසිතා බවත් මේ දේශපාලන සූදුවට නැවතීමේ තිත තබා අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බවත් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට මුල්තැන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටින ජනතාවට ක්‍රමයේ වෙනස සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම ලබා දුන් බවත් 76 වසරක ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ කිසිදු විපක්ෂයක් සිදු නොකළ සේවාවක් වත්මන් විපක්ෂ වන සමගි ජන බලවේගය ඉටු කර ඇති බවත් තනතුරු ලැබෙන්නටත් පෙර මේ සේවාව කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් සඳහන් කළ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ රටේ නෙළුම් කුළුණු සකස් කළත් අධ්‍යාපනයට කුඩම්මාගේ සැලකිල්ල ලැබුණත් මේ වසර අවසන් වීමට පෙර මෙරට රජයේ පාසල් 10126ම සුහුරු පාසල් බවට පත් කරන බවයි.