― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot NewsOn arrival වීසා ගැටලුව ගැන ටිරාන්ගෙන් ප්‍රකාශයක්

On arrival වීසා ගැටලුව ගැන ටිරාන්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීමේ කටයුතු සඳහා පහසුකම් සැලසීමට පෞද්ගලික සමාගමක් තෝරා ගනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තු අන්තර්ජාල වේදිකාවේ පැවති අඩු පහසුකම් හේතුවෙන් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

එම වේදිකාව නවීන ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමට වසර 04ක් පුරා ගත් උත්සාහයන් අසාර්ථක වී ඇති බවයි අද (06) මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ටිරාන් අලස් පෙන්වා දුන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන ගිය ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වන අවස්ථාවේ දී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය හෙවත් On arrival visa නිකුත් කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් 17 වැනිදා සිට වී.එෆ්.එස්. ග්ලෝබල් සමාගමට ලබාදී තිබුණා.

ඒත් සමගින් සංචාරකයින්ගෙන් වීසා සඳහා අය කෙරන ගාස්තු ඉහළ නංවනු ලැබුවා. එමෙන්ම ගුවන්තොටුපොළ වීසා කවුළුවේ ප්‍රමාද වීම් හේතුවෙන් පසුගිය පළමුවැනිදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දිගු පෝලිම් නිර්මාණය වුණා.

ඒත් සමගින් එහි ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. එල්ල වූ දැඩි විරෝධය හමුවේ වීසා නිකුත් කිරීම යළිත් පැරණි ගාස්තු ක්‍රමය යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පවරනු ලැබුවා.

උද්ගත වූ තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සිය අමාත්‍යංශයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද කැඳවා තිබුණා.