― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකොළඹට නව ජල සම්බන්ධතා 75,000ක්

කොළඹට නව ජල සම්බන්ධතා 75,000ක්

කොළඹ දිස්ත්‍රික්කයේ නව ජල සම්බන්ධතා හැත්තෑ පන්දහසක් ලබාදීම අරමුණු කරගෙන ක්‍රියාත්මක අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීමේ සහ බලශක්තිය සුරැකීමේ ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා එළඹෙන දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය දීර්ඝ කිරීමට ජාතික මෙහෙයුම් මැදිරි කමිටුව තීරණය කර තිබෙනවා.

ජාතික මෙහෙයුම් මැදිරි කමිටුව අරලියගහ මන්දිරයේ දී රැස් වූ අවස්ථාවේ දී අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීමේ සහ බලශක්තිය සුරැකීමේ ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ගය (2 කොටස) මීරිගම සිට කුරුණෑගල දක්වා හිඟ මුදල් ගෙවීම, අබලන් වූ පාලම් 19ක් නැවත ඉදිකිරීම සහ පුළුල් කිරීම, සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදල යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවල ලක් වුණා.

කොළඹ නගරයේ ජල සැපයුම වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන ආරම්භ වූ අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීමේ සහ බලශක්තිය සුරැකීමේ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලබාදීමට එකඟ වූ කාලසීමාව ඉක්මවා මාස 60 අමතර කාලයක් ලබාදී ඇති නමුත්, ව්‍යාපෘතියේ සියයට දහඅටක් වූ ඉතිරි ක්‍රියාකාරකම් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් අදාළ නිලධාරීන් සතු වගකීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධාරණය කෙරුණා.

ඒ අනුව ලබන දෙසැම්බර් 31 වනදා වන විට ව්‍යාපෘතිය අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට පියවර ගැනීම ජල සම්පාදන මණ්ඩලයේ වගකීම බව මෙහිදී අවධානයට ලක්වුණා.

මධ්‍යම අධිවේගී මාර්ගය (2 කොටස) මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ බිල්පත් සහ හිඟමුදල් සම්බන්ධයෙන් නැවත වාර්තාවක් සකස් කර මුදල පියවීමට සාකච්ඡා ඇරඹීමට සහ හිඟ මුදල වාරික වශයෙන් පොලී රහිතව ගෙවීමට එකඟත්වයක් ඇතිකර ගැනීමටත් කමිටුව මෙහිදී තීරණය කරණු ලැබීය. ඒ පිළිබඳ කැබිනට් අනුකමිටුවක් අවශ්‍ය බවද අවධාරණය කෙරුණා.

අධිවේගී මාර්ගයේ මෙම කොටස දැනට භාවිත වෙන කොටස බැවින් මූල්‍ය විචලනයක් ඇතිවීමට හේතුව පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා.

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ජාතික මහා මාර්ග පද්ධතිය තුළ පවතින මෑත කාලයේදී සංවර්ධනය වී නොමැති පළාත් හයකට අයත් අබලන් පාලම් 19 ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බව හඳුනාගෙන තිබෙනවා.

2024 වර්ෂය සඳහා අමාත්‍යාංශයට වෙන්කළ ප්‍රතිපාදන මුදල පාලම් ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රමාණවත් නොවන බැවින් දේශීය හෝ විදේශීය ප්‍රතිපාදන මූල්‍ය මූලාශ්‍ර ලබාදීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරුණා.

මෙම පාලම් අවසන් වරට නඩත්තු කොට ඇත්තේ මීට අවුරුදු හැත්තෑවකට හෝ අසූවකට පෙරවන අතර, පාලම් ප්‍රතිසංස්කරණය සඳහා බිලියන 9.8 ක් අවශ්‍ය නමුත් මේ අවස්ථාවේ ප්‍රතිපාදන වෙන් කිරීමට අසීරු තත්වයක් පවතින බැවින් ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමට තීරණය වී තිබෙනවා.

වායු විමෝචන භාරකාර අරමුදල පවත්වාගෙන යාම සහ ව්‍යාපෘති කාර්යාලයක් ප්‍රවාහන කොමසාරිස් කාර්යාල යටතේ පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩලයේ තීරණය ලබාදීමට හැකිවන පරිදි සියලුම පාර්ශවයන් සමඟ සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කිරීම ජාතික මෙහෙයුම් මැදිරි කමිටුව පෙර උපදෙස් ලබා දී තිබෙනවා.

ජාතික මෙහෙයුම් මැදිරිය වෙතින් ලබා දුන් නිර්දේශ නැවත අදාළ පාර්ශවයන් හා සාකච්ඡා කර යළි ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් මීට පෙර ලබා දී ඇති බව සඳහන්. ඒ අනුව අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් හා පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙහිදී සාකච්ඡා කෙරුණා.

වායු විමෝචන භාරකාර අරමුදල නැවත ස්ථාපිත කිරීම පිළිබඳව මේ වන විටත් ඉදිරිපත් වී නොමැති වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යාංශයේ නිරීක්ෂණ හා නිර්දේශ පිළිබඳව අදහස් ලබා ගැනීමටත් ප්‍රවාහන හා මහා මාර්ග සහ පරිසර අමාත්‍යාංශ විසින් වාහන වායු විමෝචන භාරකාර අරමුදල නැවත ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නිරීක්ෂණය හා නිර්දේශ පිළිබඳ සලකා බැලීමටත් අමාත්‍ය මණ්ඩලය වෙත ඒ පිළිබඳ අවසන් තීරණය දැනුම් දීමටත් මෙහිදී තීරණය වුණා.