― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමර්වින් සිල්වාට ඇප

මර්වින් සිල්වාට ඇප

2007 වසරේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස කඩා වැදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද (07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි සැකකාර මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට නියෝග කළා.

මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම්කර මේ වන විට අධිකරණය මගහැර සිටින ලාල් පීරිස් නැමැති සැකකරුට විදේශ ගමන් තහනමක් පැනවීමට ද අධිකරණය කරනු ලැබුවා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී එහි සාක්ෂිකරුවකු වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු වන ටී. එම්. ජී. චන්ද්‍රසේකර සාක්ෂි ලබා දුන්නා.

සාක්ෂිකරු අධිකරණය හමුවේ සඳහන් කළේ සිද්ධිය වූ දා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට කඩා වැදුණු සැකකාර මර්වින් සිල්වා තමාට පහරදීමක් සිදුකළ බවයි.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 15 දක්වා කල්තැබීමටද අධිකරණය නියම කළා.

2007 වසරේ දෙසැම්බර් මස 27 වැනිදා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලාකාරී ලෙස කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.