― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot News'මාකොළ සුද්දා' අයිස් සමඟ අත්අඩංගුවට

‘මාකොළ සුද්දා’ අයිස් සමඟ අත්අඩංගුවට

මියගිය පාතාල නායක ‘මාකදුරේ මධූෂ්ගේ’ අපරාධ ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වතුපිටිය පතිරණගේ දමිත් ප්‍රභාසිත අත්තනායක හෙවත් ‘මාකොල සුද්දා’ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව කඩවත පොලිස් වසමේ කඩවත – කොළඹ, කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසළදී සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලග පොදු වෙළෙඳ සංකිර්ණය ඉදිරිපිට වේල්ලවත්ත පිවිසුම අසළදී මෙම වැටලීම් සිදුකර ඇත.

එහිදී විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව කඩවත – කොළඹ, කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසළදී සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යෑමේදී විශේෂ කාර්ය බලකා නිළධාරියෙකු අනතුරට ලක්කර එම මෝටර් රථය පලා යෑමට උත්සාහ දරා ඇති අතර රථය එකවරම පිටුපසට ගැනීමේදී මෝටර් රථයේ පිටුපස කොටස ගැටීමෙන් සිදුවූ හානි සමග අධිවේ⁣ගී මාර්ගයේ විශේෂ සේවා දොරටුවෙන් ඔවුන් පලා යෑමට උත්සාහ කර තිබෙනවා.

එහිදී පිටුපස ටයරයේ හුළං බැස යාම හේතුවෙන් මෝටර් රථය ධාවනය කිරීමට අපහසු වූ පසු සැකකරු මෝටර් රථයෙන් පැන අධිවේගී මාර්ගයේ දිවයද්දී විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් සැකකරු මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී සැකකරු පැමිණි මෝටර් රථයේ තිබී අයිස් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 650 ක ප්‍රමාණයක් ද සොයා ගත් අතර ඔහුගෙන් සිදු කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට වේල්ලවත්ත පිවිසුම අසළදී මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයෙකු වූ මාකඳුරේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ලද පුද්ගලයකුද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 22 යි මිලි ග්‍රෑම් 680 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් ලින්දර, පමුණුවත්ත සහ පර්තිලන් පාර, කොළඹ 14 පදිංචි වයස අවුරුදු 36 ක් හා අවුරුදු 31 වන පුද්ගලයින් දෙදෙනෙක්.

මොවුන් සන්තකයේ තිබී ජාවාරමින් උපයා ගන්නා ලද මුදල් රුපියල් 8,400ක් හා ඩිජිටල් තරාදියක්, ජංගම දුරකථන 05 ක් හා මුදල් ගනුදෙනු සටහන් පොතක්, මොවුන් දෙදෙනා සන්තකයේ තිබී සම්පූර්ණ අයිස් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 22යි මිලි ග්‍රෑම් 650 ක ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරියා රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍තිකාර ලබනවා.