― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsරාජිතගෙන් අලුත් සන්ධානයක්

රාජිතගෙන් අලුත් සන්ධානයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ මූලිකත්වයෙන් ලෝක යුධ විරෝධී සන්ධානයක් පිහිටුවා තිබෙනවා.

එහි ආරම්භය ඊයේ (06) කොළඹදී සිදුවූ අතර ඊට දේශපාලන පක්ෂ නියෝජිතයින් ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියා.

දුමින්ද දිසානායක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් ඇතුළු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම එජාපයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක ද ඊට එක්ව සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජිත සේනාරත්න කියා සිටියේ මේ වනවිට ලොව පුරා දරුණු යුධ ගැටුම් ඇවිලී තිබුණද ඒවාට එරෙහිව දැනෙන විරෝධයක් පෙනෙන්නට නැති අතර විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ මීට ඉහත කාලවලදී මෙම යුද්ධයන්ට එරෙහිව විශාල හඬක් නැගුණ නමුත් දැන් එවැනි පරිසරයක් දැක ගත නොහැකි බවයි.

මෙහිදී ගාසා තීරණයේ ඇතිව තිබෙන සමූල ඝාතනයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වුණා.

රුසියානු – යුක්‍රේන යුද්ධය, සුඩානයේ සිවිල් යුද්ධය, මියන්මාරයේ ඇතිව තිබෙන තත්ත්වය ඇතුළු ලෝකය පුරා විසිරී තිබෙන යුද ගැටුම් හේතුවෙන් රටවල තුළ මතුව තිබෙන අරාජික තත්ත්වය ගැන එහිදී දැඩි අවධානයක් යොමු කළා.

ඒ අනුව අලුතින් පිහිටුවන ලද ලෝක යුධ විරෝධී සන්ධානයේ අරමුණු ලෙස ලෝක නායකයින්ගේ බලකාමයන් නිසා හටගෙන තිබෙන සියලුම ලෝක යුද්ධවලට විරුද්ධ වීම, යුද්ධයෙන් මියයන, තුවාල ලබන, ආබාධිත වන ඇතුළු පීඩාවට පත්වන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම, ලෝක සාමය උදෙසා පෙනී සිටීම, ලෝකය පුරා ක්‍රියාත්මක අන්තවාදයන්ට හා ත්‍රස්තවාදයන්ට එරෙහි වීම, යුද්ධයෙන් මියයන හා ආබාධවන ජනතාව වෙනුවෙන් යුද්ධයන් ඇතිකරන රටවලින් වන්දි ලබා ගැනීම සඳහා බලපෑම් කිරීම, ලෝකයේ සියලුම රාජ්‍යයන්ගේ ස්වෛරීත්වයට එරෙහි සිදුවන බලපෑම්වලට එරෙහි වීම, යුද්ධ සඳහා කිසිදු ආකාරයකින් සහය නොදක්වන ශ්‍රී ලංකාව් වැනි රටවලට සිදුවන සමාජ ආර්ථික අගතියට එරෙහි වීම, ලෝක යුද්ධ නිසා මගහැරී යන ප්‍රශ්න ගැන ජනතාව දැනුවත් කිරීම ආදිය දක්වා තිබෙනවා.