― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවැලිගම අභිරහස් කාන්තා මරණයක්

වැලිගම අභිරහස් කාන්තා මරණයක්

වැලිගම පොලිස් වසමේ කුෂ්ටරාජගල ප්‍රදේශයේ පදිංචි වයස 78 ක අවිවාහක කාන්තාවක් ඊයේ (06) රාත්‍රියේ අභිරහස් ලෙස ඝාතනය කර තිබෙනවා.

නාදුනන පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් නිවසට ඇතුල් වී නිවස මංකොල්ල කා අනතුරුව නිවසේ සිටි කාන්තාව කාමරයක් තුළදී අත්පා බැඳ දමා අභිරහස් ලෙස ඝාතනය කොට තිබියදී හමු වී තිබුණා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැලිගම කුෂ්ඨරාජගල ප්‍රදේශයේ පදිංචි වැල්ලකංකානම්ගේ සීලලතා ලාලනී නැමති වයස 78 පමණ වූ අවිවාහක කාන්තාවකි.

මියගිය කාන්තාව සිය සහෝදරිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා සමඟ දිවි ගෙවා ඇති අතර සිය සහෝදරිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා ඊයේ රාත්‍රි කාලයේදී ප්‍රතිකාර ලබා ගැනීමේ කටයුත්තක් සඳාහා වැලිගම නගරයට ගොස් නැවත නිවසට පැමිණෙන අතරතුරදීයි මෙම සිදුවීම සිදු වී ඇත්තේ.

තවද මෙදින රාත්‍රියේ එම ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙකුට අයත් නිවසකට ද යම්කිසි කණ්ඩායමක් ඇතුළු වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එහිදී මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයෙකු සතු ඇඳුම් කිහිපයක්, පාවහන් යුගලක්, රන් මුදුවක් හා විවිධ ඖෂධ වර්ග පැකට් කීපයක් දමා ගොස් තිබියදී හමු වූ බවයි පොලීසිය පැවසුවේ.

මියගිය කාන්තාවගේ මළ සිරුර වැලිගම වලාන රෝහලේ තැන්පත් කොට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මාතර මහ රෝහලේදී සිදුකිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිසිය විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදුකරනු ලබනවා.