32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅධික උෂ්ණත්වයෙන් යාපනයේ 05 දෙනෙක් ජීවිතක්ෂයට

අධික උෂ්ණත්වයෙන් යාපනයේ 05 දෙනෙක් ජීවිතක්ෂයට

යාපනයේ පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය විශේෂඥ ආර්. පේරානන්දරාජා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ යාපනය ශික්ෂණ රෝහලේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

යාපනයේ මේ වනවිට දැඩි උණුසුම් කාලගුණයක් පවතිනවා. වෛද්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මිනිස් සිරුරට සෙල්සියස් 40.5 හෝ ෆැරන්හයිට් 105 ක උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාව ඇති නමුත් එය ඉක්මවා යාම බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකි බවයි.

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු පමණ ‘උණුසුම හේතුවෙන් ඇතිවන ආඝාතය’ නිසා මියගොස් තිබෙනවා.

ඔවුන්ගේ මරණ පෙර පැවති රෝගී තත්ත්වයන් නිසා සිදු වුවද උෂ්ණත්වය ඉහළ යාම නිසා රෝගය උත්සන්න වී ඔවුන් මරණයට පත්ව ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.