― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsනුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක්

නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක්

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් බවට පත් කිරීම සඳහා ඉන්දියානු ආයෝජකයෙකු වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා අගෝස්තු මස 5 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

මෙම පෙත්සම අද (07) අභියාචනාධිකරණ විනිසුරු එස්. යූ. බී. කරලියද්ද සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ඊට අදාල ලේඛන නිසියාකාරව අංක ගත කර අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව විනිසුරුවරු විසින් පාර්ශ්වකරුවන්ට පෙන්වා දුන්නා.

ඒ අනුව අදාළ ලේඛන විධිමත් ආකාරයෙන් අංක ගත කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 05 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළා.

නුවරඑළිය ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයකු වන කහදගමගේ පියසේන විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරු කියා සිටියේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකළ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල 2007 වසරේ පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

එම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ලොව පුරා සංචාරක ආකර්ෂණය දිනාගත් ගොඩනැගිල්ලක් බවත් එම ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් සඳහා ඉන්දීය ආයෝජකයෙකු වෙත පැවරීමට රජය සූදානම් වන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.