රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (07) දිවුරුම් දුන්නා.
ඒ සිය පස්වන ධුර කාලය සඳහායි. ඒ අනුව ඉදිරි වසර හයක කාලය සඳහා ද රුසියාවේ පාලකයා ලෙස ව්ලැදිමීර් පුටින් කටයුතු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය මාර්තු මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් 87% කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් රුසියානු නායකයා සිය පස්වන ධුර කාලය තහවුරු කර ගත්තා.