28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමන්නාරම රෝහලට ඉන්දියාවෙන් මිලියන 600ක්

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් මිලියන 600ක්

ඉන්දීය රජය විසින් මන්නාරම මහ රෝහලට රුපියල් මිලියන 600 ක පරිත්‍යාගයක් අනුමත කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා කළ ඉල්ලීමකට අනුවයි මෙම අවසරය ලැබී ඇත්තේ.

රුපියල් මිලියන 600ක පරිත්‍යාගය මන්නාරම මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර අංශයේ ඉදිකිරීම් සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා යොදා ගැනීමට නියමිතයි.

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස්ගේ මඟපෙන්වීම යටතේ පළාත් සභාව මගින් ව්‍යාපෘති යෝජනාවක් සකස් කර සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අයදුම්පතක් ඉදිරිපත් කර තිබුණා.

මෙම ඉල්ලීම පිළිගනිමින් ඉන්දීය රජය රුපියල් මිලියන 600 ක පරිත්‍යාගයක් ලබා දී තිබෙනවා.

මන්නාරම මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර අංශයක් නොමැතිකම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.

ඔවුන්ගේ ගැටලුවලට විසඳුමක් ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.