30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් ගමන් රැසක් අවලංගුයි

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් ගමන් රැසක් අවලංගුයි

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් සේවයේ ගුවන් ගමන් 70 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමත් සමඟ මෙලෙස ගුවන් ගමන්වාර රැසක් අවලංගු කිරීමට සිදුව ඇති බවයි.

එම ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කැබින් කාර්ය මණ්ඩල සාමාජිකයින් 300ක් පමණ අවසන් මොහොතේ මෙලෙස අසනීප නිවාඩු වාර්තා කර සිය ජංගම දුරකථන ද ක්‍රියා විරහිත කිරීම හේතුවෙන් ජාත්‍යන්තර සහ දේශීය ගුවන් ගමන් රැසක් මෙලෙස අවලංගු කර තිබෙනවා.

කෙසේනමුත් එම ගුවන් සමාගම පවසන්නේ ගුවන් ගමන් අවලංගු කිරීම් හේතුවෙන් බලපෑමට ලක් වූ ගුවන් මගීන්ට සම්පූර්ණ මුදල් ආපසු ගෙවීමක් හෝ වෙනත් දිනයකට අනුපූරකව නැවත කාලසටහන් ලබා දෙන බවයි.