― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsගුද මාර්ගයේ සඟවා හෙරොයින් ගෙනා අයෙක් අල්ලයි

ගුද මාර්ගයේ සඟවා හෙරොයින් ගෙනා අයෙක් අල්ලයි

ගුද මාර්ගයේ හෙරොයින් ගෑම් 5යි මිලිගෑම් 340ක් සමඟ වයස අවුරුදු 34ක පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මොණරාගල අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථයේ සැක කටයුතු පුද්ගලයකු සිටින බවට ලද තොරතුරක් අනුව තණමල්විල පොලිස් ස්ථානය අසළදී බස් රථය නතර කර තිබෙනවා.

එහිදී සැක කටයුතු ලෙස හැසිරුණු වයස අවුරුදු 34ක් වන පානම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පොලිස් ස්ථානයට රැගෙන ගොස් ප්‍රශ්න කිරීම් කර ඇති අතර ඔහු ගැන තවදුරටත් සැක සිතුණු පොලීසිය ඔහු තණමල්විල මූලික රෝහලට රැගෙන ගොස් ස්කෑන් පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

එම පරික්ෂණයෙන් ඔහුගේ ගුද මාර්ගයේ සගවාගෙන සිටි හෙරොයින් මත්ද්‍රව්‍ය ගෑම් 5යි මිලිගෑම් 340ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

එමෙන්ම මොහුගේ ජාතික හැදුනුම්පත් අංකය පරික්ෂා කිරිමේදී මත්ද්‍රව්‍ය ජාවාරම්, ගෙවල් බිඳීම්, මංකොල්ල කෑම් වැනි අපරාධවලට අත්අඩංගුවට ගැනීම් පොතුවිල් පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගැනීම් 13ක් හා පානම පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගැනීම් 06ක් මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මොහු කලක් තිස්සේ කොළඹ සිට පානම ප්‍රදේශයට හෙරොයින් ප්‍රවාහනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මොහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.