― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපෙම් උගුලකට හසු වී තරුණියකට රැවටුණු උසස් නිලධාරියා

පෙම් උගුලකට හසු වී තරුණියකට රැවටුණු උසස් නිලධාරියා

පෞද්ගලික ආයතනයක ඉහළ පරිපාලන නිලධාරියෙකු අනියම් ඇසුරකට පොළඹවාගෙන ඔහුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කළ තරුණියක් අත්අඩංගුවට ගත් බව පින්වත්ත පොලිසිය පවසනවා.

පින්වත්ත පොලිස් බල ප්‍රදේශයේ, මැදවේල්ල පාර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි විවාහක පරිපාලන නිලධාරියෙක් විසින් කළ පැමිණිල්ලකට අනුවයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක බවයි පොලිසිය පවසන්නේ.

කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී සැකකාරිය හඳුනාගෙන ඇති අතර ඉන්පසු ඇය විවාහ කරගැනීමට තීරණය කර සිය බිරිඳවද මගහැර ඇති බවත් ඇය මොහුගේ නිවසට නිතර ආ ගොස් ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

සැකකාරිය තදින් අයිස් මත්ද්‍රව්‍ය පානය සඳහා ඇබ්බැහි වී සිට ඇති අතර ඇය තවත් තරුණයෙකු සමඟ එක්ව නිවසේ පිටුපස ජනේලයකින් ඇතුල්වී නවීන ලැප්ටොප් යන්ත්‍රයක්, අගල් 55 රූපවාහිනී යන්ත්‍රයක්, සබ් බූඋෆර් යන්ත්‍රයක්, වටිනා අත් ඔරලෝසු, විදුලි ස්ත්‍රීක්කයක් සොරකම් කර තිබෙනවා.

ඇය එම භාණ්ඩ රැසක් අදාළ ප්‍රදේශයේම විවිධ ස්ථානවලට අඩු මුදලට අලෙවි කර ඇති අතර ඒවාද පින්වත්ත පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම නිවසේ තිබූ භාන්ඩ සොරකම් කිරීම සඳහා තවත් පුද්ගලයකු සමග මැදවේල්ල පාරේ ගමන් කරන අයුරු සහ සොරකම් කරන ලද භාණ්ඩ ත්‍රීවිල් රථයකින් පටවාගෙන යන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.