― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsරජයේ නිලධාරින් මීට වඩා ස්මාට් විය යුතුයි - රවී

රජයේ නිලධාරින් මීට වඩා ස්මාට් විය යුතුයි – රවී

පාර්ලිමේන්තුව විසුරවා හරින්න යැයි බල කරන්නේ ජනාධිපතිවරණයට බය පිරිස බවත් රට ඉදිරියට ගෙන යාමට නම් රජයේ නිලධාරින් මීට වඩා ස්මාට් සේවයක් කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ සියලුදෙනාටම එක හා සමානව වැඩ කළ හැකි ස්ථිර පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන බවයි.

එමෙන්ම රට ඉදිරියට යාමට නම් ව්‍යවසායකයින් බිහි කළ යුතු බවත් එවිට රට ඉදිරියට ගෙන යාම පහසු වන බවත් ම්න්ත්‍රීවරයා පැවසුවා.

අපි නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල්ව ඉදිරිපත් කරනවා. සියලු පාර්ශව මේකට උදවු කළ යුතුයි. මේ වෙලාවේ අපේක්ෂකයා කවුද කිය කිය යන්න වෙලාවක් නෙමෙයි. මේ දවස්වල කරන්න වැඩ කොටසක් තියෙනවා.

මේ පනත හරහා මූල්‍ය බලය එක තැනකට ගන්න හදන්නේ කියලා චෝදනාවක් තියෙනවා. මූල්‍ය බලය කොහොමත් පාර්ලිමේන්තුවට එනවා. ඒක පාර්ලිමේන්තුවෙන් සම්මත කළාට පසුව තමයි මුදල් අනුමත කරන්නේ. ආයොජකයෝ එනවා නිලධාරීන් ෆයිල් මාරු කරනවා. තීරණයක් ගන්න සෑහෙන කාලයක් යනවා. මේ පනත හරහා ඒ බාධක නැතිවෙයි.
  
ණය ප්‍රතිව්‍යුහගතකරණය අන්තිම තැන දැන් තියෙන්නේ. අපේ පිරිසක් එහෙ ගිහින් සාකච්ඡා කරමින් ඉන්නේ. මේ ප්‍රතිඵල IMF විධායක කමිටුවට දැම්මට පස්සේ අපිට ණය බරකින් තොරව ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ආර්ථිකයක් හදන්න අවුරුදු ගානක් යනවා. ඒක නැතිකරන්න සතියකට දෙකකට පුලුවන් කියලා අපි දැක්කනේ.

ජනතාව දැඩි ලෙස පීඩනයට පත්වෙලා තියෙනවා. දේශපාලන බිම් බෝම්බයක් මේ පත්තුවෙලා තියෙන්නේ. ඒ දේශපාලන වාසියට කියපු කරපු දෙවල් නිසා. ජනාධිපතිවරණයට බය සජබෙ හා සමගි ජන බලවේගයේ පිරිස තමයි ඔය පාර්ලිමේන්තුව විසුරවා හරින්න කියන්නේ.