29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඌරු මස් කෑ රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඌරු මස් කෑ රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු ඌරුමස් ආහාරයට ගැනීමෙන් පසු මියගොස් ඇති අතර තවත් රැඳවියෙකු අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ බොරැල්ල සහ දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු බවයි.

ඔවුන් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් අයවළුන්.

බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදී සිරකරුවාගේ නිවසින් ඌරු මස් සමඟ බත් පාර්සලයක් රැගෙනවිත් තිබෙනවා.

රැඳවියන් 15 දෙනෙකු සමඟ එය අනුභව කිරීමෙන් පසු රැඳවියන් තිදෙනෙකු රෝගාතුර වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති අතර
ඉන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

එක් රැන්ඳවියෙන් බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක පැවසුවේ මෙය ඌරු මස් ව්‍යංජනය ආහාරයට ගැනීමෙන් ඇති වූ අසාත්මිකතාවක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.