23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඩයනා නැති එක මැතිසබේට විශාල සහනයක්

ඩයනා නැති එක මැතිසබේට විශාල සහනයක්

ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හේතුවෙන් පාර්ලිමේන්තුවට ද විශාල සහනයක් ලැබුණු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලාංකිකයෙක් නොවන අයෙක් වසර 04කට අසන්න කාලයක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති බවත්, එය නිවැරදි කිරීම සම්බන්ධයෙන් තමා සතුටු වන බවත්ය.

ඒ සම්බන්ධයෙන් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෞරවය සහ ප්‍රණාමය පුද කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.