ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන හා සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘මන්නා රමේෂ්ගෙන්’ සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී ඔහු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයා ගැනීමට හැකිවූ බව බස්නාහිර පළාතේ දකුණු අපරාධ කොට්ඨාසය පවසනවා.
අවිස්සාවේල්ල, යාලගම, නාපාවෙල ඔහුගේ නිවසේ සඟවා තිබියදීයි මෙම ජීව අත් බෝම්බය සොයාගෙන ඇත්තේ.
මන්නා රමේෂ් සතුව තිබූ ජීව අත් බෝම්බය ඔහුගේ නිවස තුළ වළ දමා තිබියදීත්, යතුරුපැදිය නිවස පිටුපස සඟවා තිබියදීත් සොයා ගැණුනා.
සැකකරු පැය 72ක කාලයක් බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.