― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsනව ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම්

නව ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම්

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100කට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් ඊයේ (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් මස 02 වැනිදා පවත්වන ලද ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයැදුම්කරුවන් අතරින් 2100 දෙනකු වෙනුවෙන් මෙසේ ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට එක් විය.

අඩු ආදායම් ලාභී ජනතාව නගා සිටුවීමට රජය ආරම්භ කර ඇති අස්වැසුම, උරුමය ඇතුළු වැඩසටහන් පිළිබඳ මෙහිදී නව ග්‍රාම නිලධාරීන් දැනුවත් කළ ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල අරමුණ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම බවත්, තම ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් එම වැඩසටහන් සමඟ සක්‍රීයව එක්වන ලෙසත් ඉල්ලා සිටියේය.