27.2 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය සේවකයින්ට නව චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ට නව චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කොවිඩ් -19 වසංගත සමය තුළ විදේශගතව සිට පැවති තත්ත්වය හමුවේ නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන් සඳහායි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නියමිත දිනට විදේශගතව සිට සේවයට පැමිණීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු ආකාරය පිළිබඳව මෙම චක්‍රලේඛයෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කර තිබෙනවා.

ඊට අමතරව නිසි අවසරයකින් තොරව සේවයට වාර්තා නොකරන සියලුම රාජ්‍ය නිලධාරීන්ට ඉල්ලා අස්වීමේ නිවේදන නිකුත් කරන ලෙසද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ.