― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඅහුන්ගල්ලේ වෙඩික්කරුවන් ආ යතුරුපැදිය හමුවෙයි

අහුන්ගල්ලේ වෙඩික්කරුවන් ආ යතුරුපැදිය හමුවෙයි

පසුගියදා (08) අහුන්ගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ කොස්ගොඩ පොලිස් වසමේ බාන්වැල්දූව, සුදුවැලිපොත ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබියදී මෙම යතුරුපැදිය සොයාගත් බවයි.

අද උදෑසන තම ඉඩමේ කුරුඳු කැපීමට ගිය හිමිකරු පිළිස්සී ගිය යතුරුපැදිය දැක කොස්ගොඩ පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ එම යතුරුපැදිය සොයාගන්නා අවස්ථාවේදී ඊට ගිනි තබා තිබූ බවයි කොස්ගොඩ පොලිසිය පැවසුවේ.

පොලිසිය සැක පළ කරන්නේ පසුගියදා අහුන්ගල්ලේ සිදු වූ අපරාධය සඳහා වෙඩික්කරුවන් විසින් මෙම යතුරුපැදිය යොදාගන්නට ඇති බවයි.