― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපුද්ගලික ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

පුද්ගලික ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අක්මීමන පොලිස් වසමේ කුරුන්දකන්ද, ලබුදූව ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ ගෙල කපා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පස්මාලුව, හරස්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය පැවසුවේ තවත් පුද්ගලයෙකුට පහර දී බරපතළ තුවාල සිදුකර ඇති බවයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේඋ ඝාතනයට ලක් වූ පුද්ගලයා හා ඔහුගේ සහෝදරයා සමඟ තවත් පිරිසක් අතර ඊයේ (09) ආරවුලක් හටගෙන ඇති බවති එය දුරදිග යාමෙන් මෙම අපරාධය සිදුව ඇති බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනෙක් සැකකරුවන් ද හඳුනාගෙන ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය පවසන්නේ.