― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsබීමතින් සිටි අයෙක් අධික උෂ්ණත්වයෙන් ජීවිතක්ෂයට

බීමතින් සිටි අයෙක් අධික උෂ්ණත්වයෙන් ජීවිතක්ෂයට

යාපනය, පුන්නලයිකට්ටුවාන් ප්‍රදේශයේදී බීමතින් සිටි පුද්ගලයෙක් අධික උෂ්ණත්වය හේතුවෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පුන්නලයිකට්ටුවාන් ප්‍රදේශයේ පදිංචි එස්.ජයකුමාර් නමැති 45 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

මොහු ඊයේ පස්වරුවේ බීමතින් නිවස පිටුපස අව්වේ වැතිරී සිට තිබෙනවා.

සිශිසුන් වූ මෙම පුද්ගලයා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඔහුගේ සිරුර යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ මෙම මරණය උෂ්ණාධික තත්ත්වයෙන් සිදුවූවක් බවයි.

දේහය ඥාතීන් වෙත ඊයේ (09) භාර දී තිබෙනවා.