― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමහ දවාලේ හෝමාගම රන් භාණ්ඩ කොල්ලයක්

මහ දවාලේ හෝමාගම රන් භාණ්ඩ කොල්ලයක්

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ල කා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ගිනිඅවි ද අතැතිව අද (10) දහවල් වෙළෙඳසැලට පැමිණි මොවුන් දෙදෙනා එහි තිබූ රුපියල් ලක්ෂ 03ක මුදලක්, මුදු 36ක් හා පෙන්ඩන්ට් 48ක් රැගෙන ගොස් ඇති බවයි.

යතුරුපැදි දෙකකින් පැමිණි මෙම කොල්ලකරුවන් දෙදෙනා රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් අලෙවිසැලට ඇතුළු වී එහි සිටි සේවකයන්ට පිස්තෝලයක් පෙන්වා මෙම සොරකම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

හෝමාගම පොලිසිය පැවසුවේ කොල්ලකරුවන් පැමිණි යතුරුපැදිවල ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවයි.