― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කෙරුණා.

සංචිතය එළිදක්වනු ලැබුවේ ක්‍රිකට් රසිකයන් විසින් වීම විශේෂත්වයක්.

මීට පෙර කිසිදු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා නොකළ දුනිත් වෙල්ලාලගේ සංචිතයට ඇතුළත් වීම විශේෂත්වයක්.

මුල් පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද සංචිතයට ඇතුළත්. ප්‍රවීන ක්‍රීඩකයින් ලෙස ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා සහ දසුන් ශානක ද ලෝක කුසලාන සංචිතයේ ස්ථාන තහවුරු කර ගැනීමට සමත්ව සිටිනවා.

දීර්ඝකාලීන වළලුකර ආබාධයක් හේතුවෙන් ඓඵ්ළ් තරගාවලිය අහිමි වූ වනිඳු හසරංග කණ්ඩායමේ නායකයායි.

බොහෝදුරට වනිඳු ලෝක කුසලානය සඳහා මේ වන විට සූදානම්. පසුගිය දිනවල පැවති පුහුණු තරග අතරතුර කලකට පසු පිටියට පිවිසි වනිඳු හසරංග පළමු තරග දෙකේදී පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළ අතර පන්දු යැවීමේ නිරත වූයේ නැහැ.

බංග්ලාදේශ තරගාවලිය තුළ අසාර්ථක වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබෙනවා. ඊට අමතරව දීර්ඝ කාලයක් ආබාධයන්ට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා සහ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු සංචිතයට ඇතුළත්ව නැහැ.

විජේකාන්ත් වියස්කාන්ත්, අසිත ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ සහ ජනිත් ලියන⁣ගේ අතිරේක ක්‍රීඩකයින් ලෙස සංචාරයට එක්වනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ දී ඩී කාණ්ඩයෙන් බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව නේපාලය සහ නෙදර්ලන්තය සමග තරග වදිනවා.

ශ්‍රී ලංකාව ජුනි 3 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්යෝර්ක් හිදී තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.