― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසංචාරක පැමිණීම අට ලක්ෂය ඉක්මවයි

සංචාරක පැමිණීම අට ලක්ෂය ඉක්මවයි

2024 වසරේ මැයි මස මුල් සතිය වනවිට මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 800,000 ඉක්මවා තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මැයි මස මුල් සතිය තුළ පමණක් සංචාරකයින් 28,525ක් දිවයිනට පැමිණ ඇති බවයි.

ඒ අනුව මෙරටට පැමිණි මුළු සංචාරකයින්ගේ සංඛ්‍යාව 813,176 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියාවෙන් 5,600ක්, මාලදිවයිනෙන් 3,170ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයින් 1,888ක් බැගින් මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සැලකිය යුතු සන්ධිස්ථානයට පත්ව ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.