25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසා පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන පරීක්ෂණයක්

සා පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන පරීක්ෂණයක්

මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ සිදු වූ අක්‍රමිකතාවක් ගැන විභාග දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (09) පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් හරහා සංසරණය වී තිබුණා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ විභාග අපේක්ෂකයින් විසින් ජංගම දුරකථන සූක්ෂම ලෙස භාවිත කරමින් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ජායාරූප ගත කර වෙනත් පාර්ශ්ව වෙත එය යොමුකර පිළිතුරු ලබා ගැනීමට උත්සාහ කර තිබෙන බවයි.

කෙසේනමුත් එම අවස්ථාවේ විභාග මධ්‍යස්ථානවල සිටි නිලධාරීන් විසින් සිසුන්ගේ එම ජංගම දුරකථන සිය භාරයට ගෙන තිබුණා.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ මෙය ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවයට බලපෑමක් නොවන බවයි.